කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කරයි, විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (02) දින සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් (03) දින අළුයම සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයද (02) දින සිට වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
පවතින අධික වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.
රංජිත්