Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සති අන්තයේ මහනුවරට නව දුම්රිය සේවයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් ලබන පළමු වැනි දා සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පෙරවරු 6.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18ට මහනුවරට ළගා වන බවත් නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගා වන බවයි.

සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කිරීමට හේතුව දෛනික ව වැඩි වන මඟී අවශ්‍යතා අනුව බව කියා සිටී අමාත්‍යවරයා, පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500කටත් මිල දී ගත් හැකි බව යි කියා සිටියි.

මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම දුම්රිය යොදවන බව කියා සිටී අමාත්‍යවරයා සුඛෝපභෝගී, විශ්වසනීය මෙන්ම ආරක්ෂිත සේවාවක් සැපයීම මෙම සේවාවෙන් සිදු වන බවත් අවධාරණය කරයි.

Scroll to Top