අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා කීය.ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2017 වසරේ සිට අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් ඇරැඹූ නිවාස ව්‍යාපෘති රැසක් අතරමඟ නතරවී ඇතැයි ද ඒ අනුව මොණරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල, ඇති තෝරාගත් නිවාස වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
infolanka news