අත්හිටුවා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (20) සිට යළි ආරම්භ වේ.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල, මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා ද අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.
සේවා ලබා ගැනීමට පැමිණෙන අයට වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකිය.
• කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ 01: 0112338812/0112338843
• ප්‍රාදේශීය කාර්යාලය, යාපනය: 0212215970
• ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය: 0262223182
• ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර: 0812384410
• ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල: 0372225941
• ප්‍රාදේශීය කාර්යාලය, මාතර: 0412226697