තම සමාගම විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන රැසක මිල ගණන් පහත හෙළීමට කටයුතු කළ බව මැලිබන් බිස්කට් සමාගම නිවේදනය කර තිබෙනවා.
පසුගිය මාස කීපය තුල රටේ පැවති තත්වය සමග නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ඉහළ දැමුවද මෑත කාලයේ සිට නිෂ්පාදන ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම අනුව බිස්කට් මිල පහළ දැමීම කළ බව ඔවුන් සඳහන් කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාගම විසින් මේ බව දැනුම් දී තිබේ.