Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් කුසගින්නේලු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව නොමැති වීම හරහා මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් දැඩි බලපෑමකට ලක් වී සිටින බව ලෝක ආහාර වැඩපිළිවෙළේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් එයිලිෆ් පවසනවා.

මෙරට පවුල් පහකින් හතරක්ම එක්කෝ ආහාර ප්‍රමාණය සීමා කිරීම් හෝ ආහාර වේල මඟ හැරීම සිදු කරන බව හෙළි වී ඇතැයි පවසන කලාපීය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ තත්ත්වය නාගරික ප්‍රදේශවල තවත් බරපතල බවයි.

“මිලියන ගණනක ශ්‍රී ලාංකීය ජනතාවට තව දුරටත් ප්‍රමාණවත් ආහාර ආහාර වේලක් ලබා ගැනීමට අපහසු අතර පවතින තත්ත්වය ඉදිරි සතිවලදී තවදුරටත් බරපතල වනු ඇතැයි අපි සැලකිලිමත් වෙමු. මේ නිසා ලෝක ආහාර වැඩ පිළිවෙලේ ප්‍රතිචාර දැක්වීම අතිශය වැදගත් වී තිබෙනවා. අපගේ සහාය දැක්වීමේ ප්‍රමුඛතාවය වන්නේ ළමුන් සහ මව්වරුන් සිටින පවුල්වලට මූලිකත්වය ලබාදෙමින්. ඔවුන් ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ආහාර සහ පෝෂණ සහාය ලබාදීම අපේ පුමුඛ ඉලක්කයයි.” එයිලිෆ් වැඩි දුරටත් කියා සිටියා.

 

Scroll to Top