තුර්කිය සහ ඩුබායිවලින් ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග 15 වැනිදා මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම මේ මොහොතේ තිරිඟු පිටි මිල වැඩි කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නැති බව ද තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බව ද හෙතෙම කීවේය.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ පාන් රාත්තලක් රුපියල් තුන්සීයක් ලෙස ඉහළ නොගිය බවත් එය කතාවක් පමණක් බවත්ය.