Aboutceylon Online

චීන්නු භූ ගත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් චොන්යින් සහ සිචුවාන් වැසියන් විකල්පයක් ලෙස පැරණි බංකර් සහ ගල්ගුහා ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල් වැනි ස්ථාන සොයා යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිටත පවතින උෂ්ණත්වය භූ ගත ස්ථාන තුළ නොමැති බැවින් අවශ්‍ය පහසුකම් සපයා ගෙන චොන්යින් සහ සිචුවාන් වැසියන් දිවා කාලයේදී හා රාත්‍රියේදි එවැනි ගල්ගුහා ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල් වෙත එක් රැස් වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

උෂ්ණාධික කාලගුණ තත්ත්වය වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ චොන්යින් සහ සිචුවාන් පළාත්වල වැසියන්. එම පළාත්වල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශය 40 ට වැඩි අගයකටයි.

 

Scroll to Top