Aboutceylon Online

බිත්තර හිඟයෙන් කුකුළු මස් මිල පහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වෙළදපලේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන මිලේ ගැටළුව හේතුවෙන් බිත්තර නිෂ්පාදනය කරන ගොවින්ට කිකිලියන් අලෙවි කිරීමට සිදුව ඇති බවය.

මේ හේතුවෙන් වෙළදපලේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 700ක් දක්වා පහත බැස ඇති බව ඔහු කියා සිටියේය.

වෙළදපලේ බිත්තර විවිධ මිල ගණන් යටතේ පැවතීම හේතුවෙන් රජය විසින් බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක් වන අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග ඔවුන් සාකච්ජාවකද නිරත වුණි

එහි දී යම් එකගතාවන්ට පැමිණියද රජය නියම කල පාලන මිලට වෙළදපොලේ බිත්තර අලෙවි නොවන බවට පාරිභෝගිකයින් චෝදනා කළේය.

Scroll to Top