මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ අතරින් පෞද්ගලික බස් රථ ගණනාවක් සතියේ වැඩ කරන දිනයන්හි පමණක් ධාවනය කර නිවාඩු දිනවල ධාවනයෙන් ඉවත් කර ගැනිම නිසා මගින් අපහසුතාවයට පත් වි ඇත.
සතියේ වැඩ කරන දිනයන්හි ලංගම බස් රථ සහ එම මාර්ගයේ ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථ සමග තරගවදිමින් මගින්ගේ ජිවිත අවධානමට ලක් කර ධාවනය කරන එම පෞද්ගලික බස් රථ සතියේ නිවාඩු දිනවල ධාවනය නොකිරිම නිසා තමන් අසිරුතාවයට පත් වි ඇති බවයි මගින් කියා සිටින්නේ.
දිනපතා අලුයම 4 සිට පස්වරු 6.30 දක්වා හැටන් සහ මහනුවර බස් පෞද්ගලික බස් නැවතුම්පොලින් එම මාර්ගයේ බස් රථ 15 ක් පමණ ධාවනය වන බවත්, එම බස් රථ අතරින් සති අන්තයේ බස් රථ පහක් පමණ ධාවනය වන බවයි මගින් කියා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් අප හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල් වේලා සටහන්කරුවෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ පවතින ඉන්ධන අර්බුධය සහ සති අන්තයේ එම මාර්ගයේ ගමන් කිරිමට විශාල මගින් සංඛ්‍යාවක් නොසිටින නිසා බස් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් කර ගන්නා බවයි.
රංජිත්