ලෝක තෙල් මිල දෙස බැලීමේදී පෙට්රල් ලීටරයක් රුපියල් දෙසිය පනහකට ලබාදීමේ හැකියාවක් ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල විශාල ලෙස පහත යමින් තිබෙන බව පැවසූ මන්ත්රීවරයා ඩොලර් 120 ට ගිය බැරලය දැන් 92 දක්වා පහළ බැස ඇති බවද සඳහන් කළේය.
තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.