මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගය තවදුරටත් වසා දැමිමට පියවර ගත් බව අපදා කලමණාකරණ ඒකකය අවධාරණය කරයි.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වු මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගය තවදුරටත් වසා දැමිමට (16) දින පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
එම මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ලට සහ මවුස්සාකැලේ ජලාශයට ශ්‍රි පාද රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා සීත ගගුලට ඉහලින් අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක් මේ වන විට නායගොස් ප්‍රධාන මාර්ගයේ කොටසක්ද සීත ගගුල දෙසට ගිලා බැස ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භු විද්‍යාඥයින් පිරිසක් (16) දින නායයාමට ලක් වු ස්ථානය පරික්ෂා කල අතර, එම විද්‍යාඥයින් පිරිස ලබාදුන් නිර්දේශ මත එම මාර්ගය තවදුරටත් වසා දැමිමට පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
පවත්නා තත්ත්වය මත කිසිදු මගියෙකුට පයින් ගමන් කිරිමට පවා අවධානම් බවත්, පවතින අවධානම හේතුවෙන් එම ස්ථානයේ දිවා රාත්‍රි දෙකේ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.
2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය මේ වසරේ උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට නියමිත අතර, වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම පතල් සහ භු විද්‍යා කාර්යංශයේ භු විද්‍යාඥයින්ගේ නිර්දේශ මත එම මාර්ගයේ නායයාගිය ස්ථානය මගහැර වෙනත් ස්ථානයකින් මාර්ගය අලුතින් කැපිමට පියවර ගන්නා බවයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු රංග දේවප්‍රිය මහතා කියා සිටියේ.
රංජිත්