නයි මිරිස් සහ අමු මිරිස් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.
වෙළෙදුන් පවසන්නේ අමු මිරිස් කිලෝවක් රුපියල් 1200ක් සහ නයි මිරිස් කිලෝවක් රුපියල් 2400ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පාරිභෝගිකයින් සදහන් කරන්නේ මිරිස් මිල ඉහළ යාමත් සමග මිරිස් වගාකරුවන් ලපටි මිරිස් ද වෙළෙදපළට රැගෙන ඒම නිසා එම මිරිස්වල සැර ගතියක් නොමැති බවයි.