ඉන්දීය මහ මැතිවරණයේදී දැවැන්ත ජයක් ලැබීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය සමත් වුණි. ජයග්‍රහණයෙන් පසු නවදිල්ලි අගනුවරදී පැවැති ජයග්‍රාහී රැළිය ඇමතු මෝදි පැවසුවේ ජයග්‍රහණයේ පූර්ණ අයිතිය ඉන්දීය ජනතාවට හිමිවන බව සඳහන් කළේය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් මස 11වැනිදා සිට මැයි මස 19වැනිදා දක්වා අදියර 07ක් ඔස්සේ පැවැත්විය. ලෝක් සභාවේ ආසන 542ක් සදහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමට මැතිවරණය පැවැති අතර ඉන් ආසන 350කට ආසන්න ප්‍රමාණයක ජය තහවුරුකරගැනීමට අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හැකවිය.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොන්ග්‍රසයට දිනාගත හැකිවුයේ ආසන 100කට ආසන්න ප්‍රමාණයකි.
ලොව පුරා රාජ්‍ය නායකයන් වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, චීන ජනපති ෂී ජින්පින්, රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්, ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලැබූ ජයග්‍රහණයට සුබපතා සුබ පැතුම් එක්කර තිබුණි.