ශ්රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (21)පෙරවරුවේ දිවුරුම් දෙන බව වාර්තාවේ.
රනිල් පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අත්හරින නිසා ඔහු වෙනුවට රුවන් විජේවර්ධන මහතා එජාප තනි ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් හිස්තැන පිරවීමට පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවට එක්වූ ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු අසුනින්ද ඉවත්වීමට සූදානම් බව ආරංචිතිබේ.
ධම්මිකගෙන් හිස්වන අසුනට එජාප සාමාජිකයෙකු ඇතුළත් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.
හෙට පාර්ලිමේන්තුවේ දී තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකරන ලෙස ද රනිල් වික්රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ වසර 45ක පාර්ලිමේන්තු ජීවිතය තුළ තමාට පාර්ලිමේන්තුවෙන් ලද ගෞරවයට ස්තූතිවන්ත වෙන බවය.