සජිත් – ඩලස් දෙපාර්ශ්වය අතර ඇතිවූ සාකච්ඡා වලින් පසු සම්මුති ආණ්ඩුවක ජනපති හා අගමැති ලෙස දෙදෙනා තනතුරු බෙදාගන්නටත් එක් අයෙකු තරගෙන් ඉවත්වී රනිල් විරෝධී කඳවුර ශක්තිමත් කර ජයග්‍රහණය කරවන්නටත් තීන්දුවක් ගත් බවට ඉඟි ලැබී තිබුණි.
ඒ අනුව තමන් ජනපති සටන වෙනුවෙන් තරගයෙන් ඉවත්වී ඩලස් පාර්ශ්වයට සිය ඡන්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව සජිත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.
මේ අනුව හෙට ජනපති තේරීමේ ප්‍රධාන සටන ඇත්තේ රනිල් හා ඩලස් අතරයි.
හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති සටන වෙනුවෙන් අද රැස්වූ පාර්ලිමේන්තුවේදී නාම යෝජනාතුනක් පහත අය ඉදිරිපත් කරන ලදි.
අපේක්ෂක – ඩලස් අලහප්පෙරුම
යෝජනා කළේ – සජිත් ප්‍රේමදාස
ස්ථිර කලේ – මහාචාර්ය ජීඑල් පීරිස්
අපේක්ෂක -රනිල් වික්‍රමසිංහ
යෝජනා කළේ – දිනේෂ් ගුණවර්ධන
ස්ථිර කලේ – මනුෂ නානායක්කාර
අපේක්ෂක – අනුර කුමාර දිසානායක
යෝජනා කළේ – විජිත හේරත්
ස්ථිර කළේ – ආචාර්ය හරිනි අමරසූරිය