දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස් මියගොස් ඇති බවට ගණන් බලා ඇත.
එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
බටහිර යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් වී ඇත.
ගංගා සිඳී ගොස් ඇති අතර දහස් ගණනක් ජනයා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇත. මේ වන විට ස්පාඤ්ඤයේ 360 කට අධික පිරිසක් බලපෑම්වලින් මිය ගොස් ඇති අතර පෘතුගාලයේ 650 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය යටතේ ඉතාලිය පෘතුගාලයට ගිනි නිවන ජෙට් යානා දෙකක් යවා ඇත.