ජන පිඩක ආණ්ඩුව පලවා හරින ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි උද්ඝෝෂණයක නිරත විය.
ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්රික් සංවිධායක මංජුල සුරවිර ආරච්චි මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
74 වසරක සාපය නිමා කරමු , ජන පිඩක ආණ්ඩුව පලවා හරිනු යන තේමාව යටතේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්රදේශයේ සිට ප්රධාන මාර්ගය දිගේ පෙලපාලියකින් ගමන් කරමින් මල බෙරය වාදනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් උද්ඝෝෂණයේ නිරත විය.
හැටන් – රංජිත් රාජපක්ෂ