ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපිත කර තිබේ.
ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් එම කමිටුව තුළින් ගැනීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – සභාපති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ධීවර අමාත්‍යවරයා
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා
කෘෂිකර්ම අමාත්‍යවරයා
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත්කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.