කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කටයුතු ඉදිරි සතිය වනවිට අඩාළවනු ඇති බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.
බාහිර රෝගී අංශයෙන් පවත්වනු ලබන සායන කටයුතුද ක්‍රමවත් අයුරින් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
ඉන්ධන අර්බුදය සමග වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය රාජකාරියට නොපැමිණීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා ලබා දීමට ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ආධාරකරුවන් විසින් දෙනු ලබන ඖෂධ මේ දිනවල ලබාදීමට කටයුතු කර තිබේ.