ඉන්ධන නිකුත් කිරිම සදහා ටොකන්පතක් ඉදිරිපත් කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් මාධ්‍ය හමුවකදි පැවසිමත් සමග එම ටොකන්පත ලබා ගැනිමට හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබුණි.
එම පොලිම් වල රැදි සිටි වාහන රියදුරන් කියා සිටියේ ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් හෝ පෙට්‍රල් ඉන්ධන නොමැති බවත්, අමාත්‍යවරයා පවසන පරිදි ටොකන්පත් ඉදිරිපත් කිරිමක් ඉන්ධන පිරවුම්හලේ සේවකයින් හෝ පොලිස් නිලධාරින් සිදු නොකල බවයි.
ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලින් දිනපතා ධාවනය කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇති අතර , හැටන් ලංගම ඩිපෝව මගින්ද පෞද්ගලික බස් රථ වලට ඉන්ධන නිකුත් කිරිම සිදු නොකරන බවයි පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටියේ.
පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනයෙන් ඉවත් කර තිබුණද හැටන් ලංගම ඩිපෝව මගින් දුර සහ කෙටිදුර ධාවනයට බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.
රංජිත්