Aboutceylon Online

ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයක් අත ලඟ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රි ලංකාවට එන බව දන්වා තිබූ තෙල් නැව ණයවර ලිපි මුදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත නොහැකි තත්වයක් මතු වීමත් සමග ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු  නතරවීමේ අවදානමක් මතුව ඇත.

ඉන්ධන නොමැතිවීම නිසා පොදු ප්‍රවාහනය නතරවීමෙන් ආහාර බෙදාහැරීම,සෞඛ්‍ය සේවාවන් යනාදි අත්‍යවශය සේවාවන් අඩාල වී අකල් මරණ වාර්තා වුවහොත් සිදුවන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයකි.

රටේ පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ලබාදීම අවිනිශ්චිත අතර තිබෙන ඩීසල්ද ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දින දෙක තුනකට බව වාර්තාවෙයි.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කරන්නේ පිරවුම්හල් වෙත ඉන්ධන රැගත් ටැංකි රථ පිටත්ව යෑමක් සිදු නොවන බැවින් මහජනතාවට රස්තියාදු නොවන ලෙසයි.

තෙල් නොමැතිවීමෙන් ඉදිරි දින කිහිපයේදි ප්‍රවාහන කටයුතු අඩාල වීමක් සිදුවිය හැකි බැවින් කරුණාකර දැනට තිබෙන තෙල් අසීමිව රැස්කිරීමේන් වළකින ලෙස ඉල්ලා සිටිමු.

Scroll to Top