නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කිරීම්වල නිරතව සිටි ජාවාරම්කරුවන් 675 දෙනකු අත්අඩංගුවට ගෙන ඉන්ධන ලීටර් 66,198ක් සොයා ගැනීමට පොලීසිය මේ වන විට සමත්ව ඇත.
පෙට්‍රල් ලීටර 21,636ක්, ඩීසල් ලීටර 33,462ක් , භූමිතෙල් ලීටර 11,100ක් සොයාගත් ඉන්ධන තොග අතර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
දින කිහිපයක් තිස්සේ කළ මෙහෙයුම්වලින් මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇති බවද ඔහු පැවසීය.
ඉන්ධන රැස්කිරීම් හේතුවෙන් යම් අනතුරක් ඇතිවුවහොත් තමාට පමණක් නොව, අසල්වාසීන්ටත් හානි වන බව නිහාල් තල්දූව මහතා පෙන්වා දෙයි. එබැවින් නීති විරෝධිව ඉන්ධන රැස්කිරීම් නොකරන ලෙස නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.