අද (22) සහ හෙට (23) පැය 02 ත් 03 ත් අතර විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙනවා.
දහවල් 12 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ දී A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කණ්ඩායම් සඳහා පැය 2 ½ ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
CC කාණ්ඩය සඳහා පෙරවරු 6.00 සිට 8.00 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති. M, N, O, X, Y සහZ කාණ්ඩ සඳහා පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් පනවනු ලබනවා.
ඒ අනුව අද සහ හෙට දිනයන් තුළ විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහතින්.