Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පොළොවෙන් භූමිතෙල් මතුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් මුලතිව් පුදුකුඩීඉරිප්පු උඩයාර් ප්‍රදේශයේ වළ දමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක් මුලතිව් ආරක්ෂක අංශ විසින් ඊයේ (20) ගොඩ ගෙන තිබේ.

එම ප්‍රදේශයේ වැසියෙකු නිවසක් ඉදිකිරීම සදහා ගෙපැලක් කැපීමට ගිය අවස්ථාවේදී පොලොව යටින් ප්ලාස්ටික් කෑන් එකක කොටසක් මතු වී ඇති අතර ඔහු ඒ පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසියට කළ දැණුම් දීමකට අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අනතුරුව සිද්ධිය පිළිබදව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මුලතිව් විනිසුරු ආර්.සරවනරාජා මහතා විසින් එම ස්ථානය හාරා අදාල භූමිතෙල් තොගය ගොඩ ගන්නා ලෙසට අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

ප්ලාස්ටික් කෑන් හතක දමා අදාල භූමිතෙල් තොගය වළ දමා තිබූ අතර එම භූමිතෙල් පරීක්ෂා කොට බැලීමේදී ඒවා ඉතාම හොද තත්තවයේ තිබී ඇත.

භූමිතෙල් තොගයට කළ යුතු දේ පිළිබදව මුලතිව් අධිකරණයෙන් තීන්දුවල් ලැබුණු පසුව කටයුතු කරණ බව පවසන පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මාධව කුලසුරිය

Scroll to Top