Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ළමා මන්දපෝෂණය උග්‍රවෙයි – දකුණු ආසියාවෙන්ම දෙක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන විසිපහක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් දහයකින් හතක්ම ආහාර ගැනීම අඩුකර ඇති බවට දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව වේල් තුනක් ආහාර ගත් පවුල් එය දෙකකට අඩුකර ඇති අතර වේල් දෙකක් ආහාර ලබාගත් පුද්ගලයන් එය එකක් දක්වා අඩුකර තිබේ.

 

Scroll to Top