Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වැවට පැන්න කතකට සිදු වූ දේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිණිපේ, හසලක නගරය ආසන්නයේ පිහිටි හසලක වැව ආසන්නයේ මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු හා තරුණයකු විසින්, හසලක වැවට පැන්න කාන්තාවක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

කාන්තාවක් හසලක වැව් සොරොව්ව අසලින් වැවට පැන ඇත.

ඒ ආසන්නයෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි චමල්ක ඉසුරංග තරුණයා, නිවසට යෑම පසෙක තබා කාන්තාව බේරා ගැනීමට දියට පැන ඇත.

ඒ එක්කම ඒ අසලම මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි හසලක පොලිසියට අනියුක්තව රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් (83194) පී. එච්. ජී. එස්. වින්සන් රාජපක්ෂ මහතා ද එම කාන්තාව බේරා ගැනීමට තම නිළ ඇඳුමේ උඩ කොටස ගලවා දියට පැන ඇත.

දියේ ගිලීමට ආසන්නව සිටි කාන්තාවගේ දිවි ගලවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට එම දෙපළ කටයුතු කර ඇත.

දිවි තොරකර ගැනීම සඳහා දියට පැන්න කාන්තාව, වයස අවුරුදු 58ක, හසලක, උඩවෙල, බරවර්ධන ඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයගේ සැමියා මීට වසරකට පමණ පෙර මෙලොව හැරගොස් ඇති බවත්, තනිවම ජීවත් වීමට සිදුවීම හේතුවෙන් ජීවිතය පිළිබඳ කලකිරී දිවි තොර කර ගැනීමේ අදහසින් වැවට පැන්න බවත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

Scroll to Top