විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ මූලිකත්වයෙන් ආරම්භ වූ කැපකරු ගොවිබ්ම් විශේෂ වැඩසටහනට සදහා දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් මූල්‍යමය පරිත්‍යග සිදුකරමින් සිටියි.
ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සදහා වගා කිරීමට කැමති එහෙත් ඊට අවශ්‍ය සම්පත් නොමැති පිරිසට ඒ සදහා සවියක්වීමටයි කැපකරු ගොවිබිම් වැඩසටහන ආරම්භ වුණේ.
ඒ පිළිබද විශේෂ වැඩසටහනක් පෙරවරු දහයේ සිට 12 දක්වා සියලු රේඩියෝ සහ රූපවාහිනි නාලිකාවලින් සජීවීව ප්‍රචාරය කෙරුණා. මේ, එම වැඩසටහනට එක් වූ විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ කැදවුම්කරු ජේෂ්ඨ මාධ්‍යවේදී නුවන් ලියනගේ.
විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ මූලිකත්වයෙන් ආරම්භ වූ කැපකරු ගොවිබ්ම් විශේෂ වැඩසටහන සදහා ජාත්‍යන්තර සිංහ සමාජයද එක්ව සිටිනවා.
ඔබටද කැපකරු ගොවිබ්ම් විශේෂ වැඩසටහන සදහා මුදල් පරිත්‍යාග කළ හැකියි. කොමර්ෂල් බැංකුවේ රාජගිරිය ශාඛාවේ විවෘත කර ඇති ජාත්‍යන්තර සිංහ සමාජය 306 හි ගිණුම් අංක 162 00 46 388 ය වෙත මුදල් බැරකල හැකි වනවා. කැපකරු ගොවිබ්ම් විශේෂ වැඩසටහන පිළිබද 011 2 55 33 63 යන දුරකතන අංකයෙන් නෙත් එෆ් එම් රේඩියෝව ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකියි. එම දුරකතන අංකය නැවතත් 011 2 55 33 63.
නෙත් එෆ් එම්