Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීනයෙන් ලබාදෙන සහල් නැව්ගත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මානුෂීය ආධාර යටතේ චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කළ බව චීනය ප්‍රකාශ කරයි.

චීනය ලබාදෙන යු.ආන් මිලියන 500 ක මානුෂීය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොගයේ පළමු කොටස ද පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියැන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

එම සහල් තොගය ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති අතර එය ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වනු ඇතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

 

Scroll to Top