නව පූජා භූමි 03ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, සහ කූරගල රජමහා විහාරය එලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ඊට අදාළ ගැසට් නිවේදනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්සන් තබා ඇති අතර ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මඟින් එම පුජා භූමි 03 ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ.
මේ වනවිට මෙරට පුජා භූමි 78ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.