තොරතුරු තාක්ෂණයේ කුසලතා විදහා පෙන්වූ තරුණ පිරිසක් පසුගිය දා ලොව හමුවේ ඔප්පු කළේ ශ්‍රී ලංකාවේ කුසලතා සපිරි මානව සම්පත පිළිබඳවයි.
IMAGINE CUP තරගාවලිය යනු මයික්‍රොසොෆ්ට් සමාගම මෘදුකාංග සංවර්ධනය වෙනුවෙන් ශිෂ්‍යයන් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන තරගාවලියක්.
ශ්‍රි ලංකාව නියෝජනය කළ නැණ ශිල්ප කණ්ඩායම එහිදී රටවල් 160ක් අබිබවා යමින් අනුශූරයන් බවට පත්වුණා.
පෘථිවිය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන රටාව යන තරග කාණ්ඩ අතුරින් සෞඛ්‍ය කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා නැණ ශිල්ප කණ්ඩායම ඉදිරිපත් කර තිබුණේ නැණ ශිල්ප යන ජංගම දුරකථන යෙදවුමයි.