වැවිලි සමාගම් සතු සියළු ඌන උපයෝජන ඉඩම් හදුනාගෙන ආහාර බෝග වගා කිරීමට කඩිනම් වැඩපිළවෙලක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එම සමාගම් සතු වගා නොකරන ලද ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 9,000කට අධිකයි. සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු බෝග හදුනා ගෙන වැවිලිකරුවන්ට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඒ, වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.