යල කන්නයේ වී වගා කිරීමට සැලසුම් කළ වගාබිම් ප්‍රමාණයෙන් 75%ක සී සෑමේ කටයුතු අවසන් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ 65%ක් වපුරා අවසන් කර ඇති බවයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කඩිනමින් යල කන්නයේ වගා කටයුතු ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඔහු මෙලෙස අවධාරණය කළා.