ඩීසල් නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පමණ වසා දමා ඇති බව වාර්තා වෙයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව දින කිහිපයකට ප්‍රමාණවත් ඩීසල් තොග තිබුණු ද මේ වන විට බෙදාහැරීම් සීමා කර ඇති බවයි වාර්තා වුණේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ඩීසල් ගොඩබෑම මේ වන විටත් සිදුවෙමින් ඇති බවයි.