Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘රැට්ටා‘ ඇප මත මුදා හරී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොම්පඤ්ඤ වීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ(30) නියෝග කළේය.

එහිදී පොලීසිය සඳහන් කළේ ඉකුත් දා ගාලුමෝදර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ දිනයේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

Scroll to Top