Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දෙල් , මඤ්ඤොක්කා සහ කොස් මිල ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දේශිය වෙළදපොලේ උඩරට සහ පහතරට එළවළු මිල යලිත් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් කියා සිටියි.
ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු තක්කාලි (27) දින වන විට රු 600 ක මිලකට අලෙවි වන බවත්, ගෝවා කිලෝවක් රු 150 ක මිලකට සහ අළු කෙසෙල් කිලෝවක් රු 120 කට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
උඩරට සැම එළවළු කිලෝවක්ම රු 400 – 550 අතර මිලකට අලෙවි වන බවත්, මාළු මිරිස් කිලෝවක් රු 850 වැනි මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
පහතරට සැම එළවළු කිලෝවක්ම රු 300 – 450 අතර මිලකට අලෙවි වන බවත්, දෙල් ගෙඩියක් රු 120 සිට රු 250 දක්වා ඉහළ මිලකට අලෙවි වන බවත්, මඤ්ඤොක්කා කිලෝවක් රු 120 කට . මදුළු ගැලවු කොස් කිලෝවක් රු 150 වැනි මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.
එළවළු තොග මිල ඇතැම් ස්ථාන වල අඩු වුවද එළවළු ප්‍රවාහනය කිරිම සදහා ඉහළ ගිය ඩිසල් මිල හමුවේ විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, එම තත්ත්වය මත සහ දේශිය වෙළදපොලේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ ඇතැම් එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

රංජිත්

Scroll to Top