ඉන්ධන හිගය හේතුවෙන් යාපනය දූපත් අතර ගමනාගමනය කෙරෙන පොදු මගී ප්රවාහන බෝට්ටු සේවාව නැවතීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව සදහන් වෙයි.
යාපනය සිට කරෙයිනගර් දක්වාද යාපනය සිට කයිට්ස් දක්වාද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්රියාත්මක කෙරෙන මගී බෝට්ටු සේවාව සති දෙකකට අධික කාලයක් නැවතී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඊට හේතුව වශයෙන් මගීන්ට දැනුම් දී ඇත්තේ භූමිතෙල් නොමැති වීම හේතුවෙන් බෝට්ටු සේවාව තාවකාලිකව නවතා ඇති බවයි.