මේ වනවිට කිසිදු ඉන්ධන හෝ දැවිතෙල් බලාගාරයක් ක්රියාත්මක නොවුනත් අද(15) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ වනවිට දෛනික විදුලි ජනනයෙන් සියයට 65 ක්ම ලබා ගන්නේ ජල හා සුළං විදුලි බලාගාරවලින් බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
සෙසු සියයට 35 නොරොච්චෝලේ බලාගාරයෙන් ලබා ගන්නා බව කොමිසම සඳහන් කළේ ය.