Aboutceylon Online

කිසිදු වරප්‍රසදයක් නොගෙන ඉදිරිපත්වූ නව අගමැතිට අරගල භූමියෙන් යෝජනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පුරවැසි අරගලයේ පාර්ශවකරුවන් පළමු වරට සිය යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අරගලයේ දින 34 ක් ගතවන විටයි. එය නම්කර ඇත්තේ “ගලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නමින්.

එම යෝජනාවලියට යෝජනා 08 ක් ඇතුලත්. එහි ප්‍රධානතම යෝජනාව වන්නේ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරු නිල වශයෙන් බලය අත්හැරීමයි.

ඉල්ලීම් පහත පරිදි වේ:

1) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි
2) අමාත්‍යවරුන් 15 දෙනෙකුට සීමා වූ අතුරු ආණ්ඩුවක් මාස 18ක කාලයක් පවත්වා යායුතුය.
3) 20 වැනි සංශෝධනය අහෝසි කිරීම සහ නව 21 වැනි සංශෝධනය ගෙන ඒම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය සංශෝධන විය යුතුය.
4) ආර්ථික අර්බුදය මත අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සහන අයවැයක් ගෙනා යුතු අතර ජනතාවට සමාජ ආරක්ෂණ ජාලයක් ගෙනා යුතුය.
5) වත්මන් මහජන නියෝජත වත්කම් සියල්ල නිසි විගණනයකට ලක් කළ යුතුය.
6) මහජන නියෝජිතයින්ගේ මූල්‍ය සහ අනෙක් සියලුම අපරාධ පිළිබඳ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ සිදුවිය යුතුය.
7) සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වන ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතුය.
8) සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්විය යුතුය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ඉකුත්දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ක් පවසනවා. කිසිදු වරප්‍රසාදයක් ලබානොගෙන රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩ පිළිවෙලට සහය ලබාදෙන බවයි එම කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ.

 

Scroll to Top