සමගි ජන බලවේගය හා දේශපාලන පක්ෂ එකොළහකින් සමන්විත කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති 21 සහ 22 වැනි සංශෝධන සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කළ යෝජනාව පිළිබඳ ජාතික ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශය
පවතින මැතිවරණ ක්‍රමයට හෝ 13 වැනි සංශෝධනයට කිසිදු සංශෝධනයක් හෝ සිදු නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සමගි ජන බලවේගය (ස.ජ.බ.) යෝජනා කර ඇත. එවැනිම යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (ශ්‍රී.ලං.නී.සං.) ද ඉදිරිපත් කර ඇත.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය
දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ අවංක හා ස්වාධීන වෘත්තිකයන්ට සහ බුද්ධිමතුන්ට මැතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නැත. පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරුන් 225ට ම “ගෙදර යා යුතුය” යන්න ජනප්‍රිය ඉල්ලීම වුවත්, ඉදිරි මහ මැතිවරණයේදී ද අවංක පුරවැසියකුට පවතින පක්ෂ ක්‍රමයට පිටින් තරග කළ හැකි ක්‍රමයක් නැත. මේ කිසිම පක්ෂයක අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයක් නොමැති අතර නාමයෝජනා ලබා ගත හැකි වන්නේ එම දේශපාලන පක්ෂවල දූෂීත නායකයින්ගේ සහාය ලබන අයට පමණි. මහජනතාවට පවතින පක්ෂ ක්‍රමය ගැන විශ්වාසයක් නැති බව පැහැදිලිය.
එබැවින් කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ස්වාධීන අපේක්ෂකයින්ට තරඟ කිරීමට හැකි වන පරිදි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට පෙර පැවති “කේවල ක්‍රමය” වෙත අප නැවත යොමු විය යුතුය. ව්‍යවස්ථාදායකයේ වර්තමාන ස්වරූපය වෙනස් කර පිරිසිදු පාර්ලිමේන්තුවක් ඇති කිරීමට නම් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 75%ක් මැතිවරණ කොට්ඨාස නියෝජනය වන ලෙස තේරී පත් විය යුතුය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
ස.ජ.බ. සහ ශ්‍රී.ලං.නී.සං. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන්නේ ජනාධිපතිවරයා “හැමවිටම අගමැතිගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු” බවට වගන්තියක් ඉදිරිපත් කරමිනි. විධායක ජනාධිපතිවරයා වෙනුවට විධායක අගමැතිවරයකු පත්කිරීමෙන් ඇති වන වෙනස කුමක්ද? විධායක බලය අමාත්‍ය මණ්ඩලයට පැවරීමේදී අගමැතිවරයා කැබිනට් අමාත්‍යවරුන්ගේ කැමැත්ත නියෝජනය කරනවා යැයි තර්ක කළ හැකි වුවත් ප්‍රායෝගික යථාර්ථය නම් ප්‍රබල පක්ෂ නායකයකු අගමැති වූ විට ඔහුගේ අභිමතය පරිදි කටයුතු සිදු වීමය.
ඔවුන් පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට ණයගැති වන නිසා කිසිදු අමාත්‍යවරයෙකු අග්‍රාමාත්‍යවරයාගේ තීරණවලට පටහැනි වනු ඇතැයි සිතිය නොහැක. තවද, දුර්වල පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක, අගමැතිවරයකු තම සභාග හවුල්කරුවන්ගේ දේශපාලන ඉල්ලීම තෘප්තිමත් කරනු මිස ජාතික අභිලාෂයන් ගැන සිතා ක්‍රියා නොකරන බව අපගේ අත්දැකීමයි.
මීළඟ මහ මැතිවරණයෙන් පසු මේ රට ඉදිරියට ගෙන යා නොහැකි දුර්වල පාර්ලිමේන්තුවක් ඇති වන බව විවාදයක් නැත. මෙය අන්තවාදීන්ට මහත් අත්වැලකි.
හැත්තෑව දශකයේ තරුණ තරුණියන් 20,000කට අධික ප්‍රමාණයක් ඝාතනය කළේ ද හදිසි නීතිය යටතේ මාධ්‍ය නිදහසක් නොමැතිව රට පාලනය කළේ ද ජනාධිපති ක්‍රමයක් යටතේ නොව කැබිනට් ආණ්ඩු ක්‍රමයක් යටතේ බව අපි දනිමු. පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු රජයේ විවිධ විෂයයන් සහ කාර්යයන් 73ක් සම්බන්ධයෙන් පළාත් සභාවලට බලතල ලබාදෙන පළාත් සභා ක්‍රමයක් දැන් අප සතුව ඇත. මෙම පළාත් සභා, සභාග රාජ්‍යයේ අභිවෘද්ධියට එරෙහිව ක්‍රියා කළහොත් විධායක ජනාධිපතිවරයකු නොමැති, අන්තවාදීන් විසින් හසුරුවන ලද දුර්වල පාර්ලිමේන්තුවක් පවතින වතාවරණයක රට බේරා ගැනීමට නොහැකි වනු ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් යෝජනා 13 කින් යුත් ලියැවිල්ලක් ශ්‍රී.ලං.නී.සං. විසින් ඉදිරිපත් කර ඇත. පවතින අර්බුදය විසඳීමට විපක්ෂය සාකච්ඡා මේසයට ගෙන ඒමට ඔවුන් ගත් පියවර අපි අගය කරමු. කෙසේ වෙතත් අපට වැටහෙන්නේ කඩිමුඩියේ කැඳ වූ නීතීඥ මණ්ඩලයේ හදිසි රැස්වීමකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඇතුළු මෙම යෝජනා මාලාව සම්මත කරගෙන ඇති බවය.
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ අත්සනින් මෙම යෝජනා නිකුත් කර ඇත. මොහු යහපාලන රජය විසින් පිහිටුවන ලද ආන්දෝලනාත්මක අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා විය. රටකට විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය ද කැබිනට් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍ය ද යන්න නීතිඥ සංගමයට තීරණය කළ නොහැක.
නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජිකත්වයට මෙම ප්රශ්නය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොතිබිණ. සාමාන්‍ය පුරවැසියාගේ අයිතිවාසිකම් සුරැකීමට නීතිඥ සංගමය සුපරීක්ෂාකාරී විය යුතු බව අප පිළිගන්නා නමුත් මතභේදයට තුඩුදී ඇති දේශපාලන ප්‍රශ්න තීරණය පිළිබඳ පැත්තක් ගැනීම නීතිඥ සංගමයට අයත් කාර්යභාරයක් නොවේ.
යහපාලන රජය ඉතා උනන්දුවෙන් කරගෙන ගිය ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකාව ඒකීය ආණ්ඩු ක්රමයක සිට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් නීතීඥ සංගමයේ කළමනාකාරීත්වය කටයුතු කළහොත් අපි පුදුම නොවන්නෙමු. නීතීඥ සංගමය තම නායකයින් ගැති දේශපාලන පක්ෂවල අරමුණු ඉටු කර ගැනීම නතර කළ යුතුය.
දූෂණය මැඩලීමට පියවර නොගැනීම
ස.ජ.බ. ඔවුන්ගේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා 19 වැනි සංශෝධනයේ විධිවිධාන නැවත හඳුන්වා දීමට යෝජනා කර ඇත. එයින් ඇති කළ අවුල අපට අමතක වී නැත. 19 වැනි සංශෝධනයෙන් ඇති කළ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට වංචා සහගත ගණුදෙනු නැවත්වීමට බලයක් නොතිබිණ. 19 වැනි සංශෝධන යටතේ ද දූෂිත ගනුදෙනු දිගටම පැවතුනි. වසර 99කට හම්බන්තොට වරාය බදු දුන්නේ තරඟකාරී ලංසු තැබීමකින් තොරවය.
මැතිවරණ කොමිසමේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ හැසිරීම ද පිළිකුල් සහගත විය. රාජපක්ෂ පාලනයට චෝදනා පිට චෝදනා එල්ල වුවද එකදු සාර්ථක නඩු පැවරීමක් ඔවුන් අතින් සිදු නොවීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වීමට හේතුව දේශපාලන අභිමතාර්ථ ඉෂ්ඨ කිරීමට කොමිෂන් සභා ඇති කළ බැවිනි. ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ තම ස්වාමිවරුන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම මිස දූෂණයට විසඳුම් සෙවීම නොවේ.
එබැවින් ජාතික ඒකාබද්ධ කමිටුව පහත ඉල්ලීම් නැවත අවධාරණය කරයි.
(i) කොට්ඨාශයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට හැකි පරිදි “කේවල (මැතිවරණ කොට්ඨාශ) ක්‍රමය” හඳුන්වා දීමකින් තොරව සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහොසි නොකළ යුතුය.
(ii) පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා ලැයිස්තුවෙන් ඉවත් කළ යුතුය.
(iii) පළාත් ප්රඥප්ති පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතිවලට යටත් විය යුතුය. පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් පළාත් සභා ප්රඥප්ති අවලංගු කිරීමට හැකි විය යුතුය.
(iv) රජයේ ඉඩම් විදේශිකයන්ට, විදේශ රාජ්‍යයන්ට සහ විදේශීය සමාගම්වලට පැවරීම තහනම් කළ යුතුය.
(v) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව උපාය මාර්ගික ව්‍යවසාය සහ ඉඩම් සම්බන්ධ රජයේ කිසිදු කොන්ත්‍රාත්තුවක් සඳහා අවසර නොදිය යුතුය.
(vi) (v) යටතේ සඳහන් සියලුම කොන්ත්‍රාත්තු තරඟකාරී ලංසු තැබීම් මත පදනම් විය යුතුය.
පක්ෂ එකොළහේ 22 වැනි සංශෝධනය
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ පළාත් පොලිස් කොමිෂන් සභාවලට අත නොතැබිය යුතු බවට වූ විධිවිධාන ඇතුළත් පක්ෂ 11 කණ්ඩායම (ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළේ විජේදාස රාජපක්ෂ මහතා විසිනි) යෝජනා කරන ලද 22 වැනි සංශෝධනය පිළිබඳ අපි විමතියට පත්විමු. පිවිතරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ යුතුකම සංවිධානය 13 වැනි සංශෝධනයට විරුද්ධ විය. එහෙත් මෙතරම් කෙටි කාලයක් තුළ ඔවුන්ට මෙය අමතක වීම අවාසනාවකි.
ඒ නිසා අප 21 සහ 22 සංශෝධන ඉදිරිපත් කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රට තවදුරටත් විනාශය කරා ගෙන නොයා මේ යෝජනා ගැන නැවත සලකා බලන ලෙසයි.
අවසාන වශයෙන් ඊයේ (2022.05.11) රාත්‍රියේ දී විධායක ජනාධිපති ක්‍රමය ආහොසි කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශය 69 ලක්ෂයක ජනතාවගේ මතයට එදිරිව කළ අමනෝඥ ප්‍රකාශයක් බව කළ යුතුය.
අත්සන් කළේ:
ලුතිනන් කර්නල් අනිල් අමරසේකර (විශ්‍රාමික) නිතිඥ කේ. එම්. බී.කොටකදෙනිය (විශ්‍රාමික ජේ.නි.පොලිස්පති)
සම සභාපතිවරු
ජාතික ඒකාබද්ධ කමිටුව