දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (13) පෙරවරු 6.00 ට ඉවත් කර තිබෙනවා.
නැවත අද පස්වරු 2.00 ට පනවා හෙට (14 වැනිදා) පෙරවරු 6.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
මේ අතර රට තුළ ඕනෑම ස්ථානයක ප්රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු දැනුම් දීමට ආරක්ෂක අමාත්‍යාංශය දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ .
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ , අදාළ තොරතුරු 076 73 93 977 හා 0112 44 11 46 යන දුරකතන අංකවලට හෝ 118 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි.