රට අරාජිකවීම හා මිලිටරීකරණය වැළක්විය හැක්කේ පාර්ලිමේන්තුව රැස්වී සුදුසු තැනැත්තන් ගෙන් සමන්විත අගමැතිවරයකු හා කැබිනෙට්ටුවක් සහිත තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙනි.
යක්ෂයාගේ නිවුන් දරුවන්වූ පාදඩ ප්රචණ්ඩත්වය ,රාජ්‍ය මර්ධන නීතිි , හා දේශපාලනඥයින්ගේ/ පක්ෂ නායකයන්ගේ උද්ධච්ච බව/ ජනමතයට සවන් නොදීම හා රටට පෙර පක්ෂයේ පාරිශ්‍රද්ධ බව අගය කිරීම යනාදිය පාර්ලිමේන්තුව කැඳවීම සහ තාවකාලික ආණ්ඩුව පිහිටුවීම වළක්වයි .
වහාම පාර්ලිමේන්තුව කැඳවීමට බලකරමු .
අමාත්‍යංශ ලේකම් කාර්යාල ,කච්චේරි , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , රෝහල් , සමුපකාර , සතොස හා පෞද්ගලික වෙළඳ ව්‍යාපාර හරහා මූලික අවශ්‍යතා ඉටුකිරීමට සිවිල් පරිපාලනය පණ ගන්වමු .
නිර්වින්දනය කර ඇති පොලීසියට සිහිය ලබා දෙමු
අරාජිකත්වය හා මිලිටරීකරණය පරාජය කරමු .
නිෂ්ප්‍රචණ්ඩත්වය හා ජන අරගලය දිනවමු
ජනාධිපති ,අග්‍රාමාත්‍ය , හෝ අමාත්‍ය ධුර පුරප්පාඩුවූ විට ඒසඳහා සුදුසු මන්ත්‍රී වරයකු පාර්ලිමේන්තුවෙන් තෝරා ගතයුතුව තිබේ . යම් හෙයකින් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්රීවරයක්ර එම තනතුර බාර ගන්නේ නැත්නම් හෝ අදාළ තනතුරට සුදුසු බව පිළිගන්නා මන්ත්රීවරයකකු පාර්ලිමේන්තුවේ නැත්නම් තෝරාපත් කර යැවූ හෙවත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර වලින් මන්ත්‍රීවරුන් යම් සංබ්‍යාවක් ඉල්ලා අස්වී , ඒ පුරප්පාඩුවලට මහා මැතිවරණයේදී දිස්ත්‍රික් නාමයෝජනා පත්රවලට හෝ ජාතික ලැයිස්තු නාමයෝජනා පත්‍රයට නම් ඇතුළත් තැනැත්තන් පත් කර ගැනීමේ හැකියාවක් තිබේදැයි විමසීම් රැසක් ලැබී තිබේ .
නාමයෝජනා පත්‍රවල නම් සඳහන් නැති පුද්ගලයන් , එවැනි පුරප්පාඩු සඳහා බැහැරින් පත් කළ නොහැකි බවට කරුණු පෙන්වා දෙන මතයක් ප්‍රකාශවී ඇත.
මගේ මතය එයට වෙනස්ය. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පුරප්පාඩු පුරවන්නේ 1981 අංක 1දරන පාර්ලිමේන්තු පනතේ විධිවිධාන යටතේ බැවින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අදාළ පක්ෂයේ ලේකම්වරයාට බැහැරින් වුවද කෙනෙකුනෙකු නම් කළ හැකි බව මම අදහස්.කරමි.
2016 දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී MKDS.ගුණවර්ධන මහතතා අභාවප්‍රාප්තවීම නිසා ඇතිවූ පුරප්පාඩුවට. එජාප ලේකම් කබීර් හෂීම් මහතා විසින් වෙනත් පක්ෂයකින් 2015 මැතිවරණයේදී තරඟ කළ සරත්.ෆොන්සේකා මහතා නම් කිරීමේ යෝජනාව මැකොස පිළිගෙන සරත් ෆොන්සේකා මහතා එජාප ජාතික ලැයිස්තු .මන්ත්රීවරයක්ර ලෙස පත්කිරීම අභියෝග කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA)ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පැවරූ SCFR 54/2016නඩුවේ දී එකී පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද තීන්දුව පහත අලවමි.
(ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලෙස සාමාන්‍ය ව්‍යවහාරයට යොදා ගත්තේ වුවද එකී මන්ත්‍රීවරයන් මැතිවරණ /නෛතික කටයුතුවලදී හැඳින්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) ව්‍යවස්ථාව යටතේ තෝරා පත්කර යැවූ මන්ත්‍රීවරයන් ලෙසය.)
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය