හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ.
අද පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද සඳහන් වෙයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.
මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.