හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, නිමල් ලන්සා, රමේෂ් පතිරණ,ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, අරුන්දික ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, කංචන විජේසේකර යන අයගේ නිවාසවලට ගිනි තබා දැඩි අලාභානි සිදුව තිබේ.
ඊට අමතරව දිවයින පුරා පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසකගේ නිවාසවලට ද හානි සිදුකර ඇති අතර කුරුණෑගල පිහිටි මහින්ද රාජපක්ෂ මහතාට අයත් නිවසකට ද ගිනි තබා ඇති බව වාර්තා වේ.
මේ අතර, ඊයේ දිනයේ ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලින් තුවාල ලැබූ පුද්ගලයින් 193 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඉන් බොහෝ පිරිසකට සුළු තුවාල සිදුව ඇති අතර ඉන් වැඩි දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්ය.
ජොන්ස්ටන් –
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විශාල පිරිසක් පැමිණ කුඩු පට්ටමි කර විනාශ කර ගිනි තබා ඇතැයි වාර්තාවේ.
සනත් නිශාන්ත –
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස මුළුමනින් ම ගිනිබත් වී තිබෙනවා.
ශාන්ත බණ්ඩාර –
අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර ගිනි ගැනීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු විය.
කෙහෙළිය රඹුක්වැල්ල –
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙදර නිවෙස ගිනිබත් කර ඇති බව මේ වනවිට වාර්තා වනවා.
අරුන්දික –
අරුන්දික ප්රනාදුගේද විශාල නිවස ගිනිබත් වෙයි.
නිමල් ලන්සා –
ඇමති නිමල් ලන්සාගෙ නිවස ගිනිබත් වී ඇති ආකාරය.
ජ්‍යොතිෂ්‍ය උපදේශිකා ඥානක්කා –
ජනපතිගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශිකාව වන ඥානක්කා නමින් හැදින් වූ අනුරාධපුරයේ ගුරුකම් සම්බන්ධ ප්‍රකට කාන්තාවගේ දේවාලයද ඊයේ (09) රාත්‍රී කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. ඊයේ බොහෝ දේශපාලනඥයින්ගේ වත්කම් වලට හානිවූ නමුත් දේශපාලනය සිදු නොකරන අයෙකුගේ නිවසක් ගිනිගත්තේ පළමු වරටය.
ගිනිණෙන් දැවුණු සුපිරි නිවාස හිමි දේශපාලකයින්,
මැදමුලනේ රාජපක්ෂ වලව්ව
මහින්ද රාජපක්ෂ කුරුණෑගල නිවස
අප්පච්චිගේ ගාලු පුතා(අතුකෝරල)
සිරිපාල ගම්ලත්
තිස්ස කුට්ටිආරච්චි
ජානක බණ්ඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
ප්‍රසන්න රණතුංග
කනක හේරත්
අරුන්ධික ප්‍රනාන්දු
ජොන්ස්ටන් ප්‍රනාන්දු
සනත් නිශාන්ත
ගාමිණී ලොකුගේ
කාංචන විජේසේකර
ශෙහාන් සේමසිංහ
දුමින්ද දිසානායක
විමල් වීරවංශ
නිපුණ රණවක
ගුණපාල රත්නසේකර
චන්න ජයසුමන
මිලාන් ජයතිලක
සාන්ත බණ්ඩාර
අකිල එල්ලාවල
නිමල් ලන්සා
අලි සබ්රි
රෝහිත අබේගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
සහන් ප්‍රදීප්
මොහාන් සිල්වා
මහින්දානන්ද අලුත්ගමගේ
කෝකිලා ගුණවර්ධන
කෙහෙලිය රඹුක්වැල්ල
ඩී බී හේරත්
අශෝක ප්‍රයන්ත
ප්‍රසන්න රණතුංග
චමල් රාජපක්ෂ
රංජිත් සියඹලාපිටිය
ඩබ්.ඩී වීරසිංහ (අම්පාර)
ගීතා කුමාරසිංහ
සමන්ප්රය හේරත්
ලක්ෂ්මන් පෙරේරා