Aboutceylon Online

ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපාහරියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ නිසා රටපුරා පිහිටි ඉන්ධනහල්වල සියයට පනහක් පමණ ඉන්ධන අවසන් වී තිබෙන බවට නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකි බවද තෙල් සැපයීම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මෙරට පාරිභෝජනය සඳහා දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් පමණ බෙදාහැරියත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමද සීමාකර තිබෙන අතර ඒ අනුව දිනකට මෙට්‍රික් ටොන් 2500 ක් පමණක් පිරවුම්හල්වලට යවන බවද ඇමැතිවරයා පවසයි.

මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6000 කට වැඩි වුවත් මේ වන විට දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 3000 ක පමණ ප්‍රමාණයකි.

කොළඹ වරායට පැමිණ තිබෙන මෙට්‍රික් ටොන් 37,500 කින් යුත් පෙට්‍රල් නෞකාව තවමත් ගොඩබා ගැනීමට නොහැකිවීම නිසා පෙට්‍රල් හිඟය මතුව ඇත.

 

Scroll to Top