විධායකයේ බලතල ඉවත් කර නැවත පාර්ලිමේන්තුව වැඩි බලතල සහිතව බල ගැන්වීමේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර මත ගැටුමක් ආරම්භ වී ඇති බව පුවත්පත්පුවත්පත් වාර්තා කරයි.
පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
මෙම පිරිස ජනාධිපතිවරයාට තම තීරණය ලිඛිතව ද ලබාදී ඇති අතර පවතින ගැටලුකාරි තත්ත්වයට විසඳුමක් ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ අවශ්‍යම කාර්යයක් බව පෙන්වා දී ඇත.
වගන්ති කිහිපයක සංශෝධන සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරන බවට ඉඟි පළ කර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික නායකයන් සමඟ දෙදින සාකච්ඡාවක් සඳහා යෝජනා කර ඇත.
මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් අද සහ හෙට රැස්වන අතර එහිදී සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව අපේක්ෂා කෙරෙන එක් යෝජනාවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව ඩේලිමිරර් කියා සිටී.