Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදෙන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වේ.

සිංහල අවුරුදු චාරිත්‍රාංගවල පවිත්‍රතාව කෙරෙහි දක්වනු ලැබ ඇත්තේ ඉතා ඉහළ සැලකිල්ලකි.

එබැවින් ඕනෑම සුබ කටයුත්තකට පෙර ස්නානය කිරීමේ චාරිත්‍රයක් ඇතුළත්ව තිබෙනු දැකිය හැක.

දිනපතා ස්නානය කිරීම නීරෝගීමත් ජීවිතයකට මග පාදයි.

ගෙවී ගිය අවුරුද්දේ නෑම සිදු කරන අවසාන දිනය ලෙස මෙය හැඳින්විය හැකිය.

ජලය ස්නානය කර පව් බැහැර කිරීමේ චාරිත්‍රයක් භාරතීය හින්දු දහමෙහි එයි.

මෙය එහි නෂ්ඨාවශේෂයක් විය හැකිය.

මෙදින නෑමෙන් පසු හිස තෙල් ගා නාන තෙක් ස්නානය කිරීමක් සිදු නොකරයි.

Scroll to Top