රට තුළ වත්මන් අරගලය ආරම්භ කර ඇත්තේ වඩාත් අවදියෙන් සිටින, වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක් බව හිටපු ටෙස්ට් ක්රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ මෙවැනි අවස්ථාවක ශ්රී ලාංකිකයන් ලෙස එකමුතු වූවා සේම, යළිත් සමාජයට හෝ දේශපාලනයට ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් ඇතුළත් නොකර ගනීවි යැයි තමන් බලාපොරොත්තු වන බවයි.