ඩිසල් , ගැස් , විදුලිය සහ ජිවන බර ඉහල යාමට විරෝධය පාමින් වතු කම්කරුවන් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එකතු වු වතුකරයේ තරුණ තරුණියන් වතුකරය පුරා රජයට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
බගවන්තලාව , නොර්වුඩ් , හැටන් , මස්කෙලිය යන නගර වල මෙම උද්ඝෝෂණ පැවති අතර,බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයට සහයෝගය දක්වා වෙලදසැල් වසා දමා තිබුණි.
නගර මධ්‍යයේ ටයර් පුළුස්සා උද්ඝෝෂණය සිදු කිරිම හේතුවෙන් එම උද්ඝෝෂණ පැවති නගර වල පැය කිහිපයක් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
වතු කම්කරුවන් වැඩ වර්ජනයක නිරත වෙමින් වෘත්තිය සමිති බේදයකින් තොරව උද්ඝෝෂණයට සහභාගි වෙමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජයට රට පාලනය කර නොහැකි නිසා සියළු දෙනා රට පාලනය කලහැකි අයට ශ්‍රි ලංකා මාතෘ භුමිය භාරදෙන ලෙසයි.
රංජිත්