ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ගණනාවකට පිවිසීම අවහිර වී ඇති බව වාර්තාවේ. මේ අතර ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ද තිබෙන බව වාර්තාවේ. මෙම අවහිර වීම අප්‍රෙල් 3 පාන්දර 12 සිට වාර්තාවන්නට පටන්ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යංශය කළ දැනුම්දීමකට තාක්ෂණ අමාත්‍යංශය විදුලි සන්දේශ නියාමන කොමිසම මගින් සියලු අන්තර්ජාල සේවා සපයන්නන් වෙත නැවත දැනුම් දෙනතුරු සමාජ ජාලා අවහිර කරන්නට නියෝග කර තිබේ.
මේ අනුව ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම්, මැසෙන්ජර්, ටෙලි ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිිර කරන්නට දේශීය අන්තර්ජාල සේවා සපයන ආයතන කටයුතු කර තිබේ.